Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගංගා කිහිපයක් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සහ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මේ වන විට සුළු ගංවතුර මට්ටමකට පැමිණ තිබෙනවා. 

එසේම කළු ගඟේ අතු ගංගාවක් වන මගුර ගඟ, මගුර ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

අදාළ ප්‍රදේශවල පහත්බිම් හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් සහ මාර්ගය භාවිත කරන රියදුරන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

අදාළ වාර්තාව පහතින්.