බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මි.මී 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.




