ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1 N හා 82.5 E ආසන්නයේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බවත්, මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
එබැවින් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාවගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




