Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වලටත්, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.