කලාපීය ස්ථාවරත්වයට සහ සාමය ඇති කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්නයන්ට බලපෑම් එල්ල කරමින්, වැදගත් බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර ඇතුළු බටහිර ආසියානු කලාපයේ මෑත කාලීනව උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කර සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලාංකිකයන් ඇතුළු සැලකිය යුතු විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ ජීවත් වන අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් කරුණක් බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබෙන්නේ.
අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, ඵලදායී සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.




