මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත් මෙන්ම, වවුනියාව, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ප්‍රදේශවලට අද (06) පස්වරු 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




