Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පැවැති මැයි දින රැලියකදී සිදු කළ ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යම් තීන්දුවක් ලබාදුන් විට, ඒ පිළිබඳව උදම් ඇනීමට ජනතාවට හැකි වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම, අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වීමක් ලෙස මතයක් ගොඩනැඟීමට ඉඩ ඇති බවත්, එවැනි ප්‍රකාශ මඟින් අධිකරණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු වීමට හේතු විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය සහ පූර්ණත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැප වී සිටින බවත්, එය ආරක්ෂා කිරීමට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.