දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, කළුතර, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් සවස 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




