Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක විසින් ඊයේ (28) නිකුත් කරනු ලැබුවා.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින්, මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන, මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ද යළි දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවාවට අදාළ සියලු සේවාවන්, පොදු ගමනාගමන සේවා ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබුණු ගැසට් නිවේදනය ද යළි දීර්ඝ කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.