“Walk for Peace” සාම පා ගමන හෙට (28) කොළඹින් අවසන් වීමට නියමිත අතර, ඊට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව, හෙට උදෑසන 11.00 සිට පහත දැක්වෙන මාර්ගවල, අවස්ථානුකූලව පවතින තත්ත්වයන් මත වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස් හන්දිය, මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල් පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් වීදිය, ස්ටැපල් වීදිය සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග මෙලෙස රථවාහන සීමාවන්ට යටත් වන බවයි පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම කාලසීමාව තුළ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




