Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අයදුම්පත් යොමු කිරීමේ පද්ධතිය අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සඳහා අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට අද දක්වා මාර්ගගත ක්‍රමය මඟින් පමණක් සිදු කෙරෙනවා.