00:00 : නොවැම්බර් මාසයේ 21 නුගේගොඩ රැස්වීමක් තියන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම් කරලා තියෙනවා.
00:05 : ඒකේ සංවිධාන මණ්ඩලය බය කරන්න, මේ වගේ දේවල් රජය කරන්න උත්සාහ කරනවා.
00:10 : ඒ වගේම, අසාර්ථක අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න, මාධ්‍ය හරහා හෙට ඉඳන් කතා වෙන්නේ මේ වගේ කාරණා!
00:18 : ඒ වගේම, රට පුරාම සමුපකාර ඡන්ද ටික පරදිනවා. ඒක වහගන්න ඕනේ.
00:22 : ලබන අවුරුද්දේ පළාත් සභා ජන්දේ තියෙනවා. ඒ ඡන්දය පරදින එක වහගන්න නම්, යම් කිසි දේවල් කරන්න ඕනේ.
00:28 : මේ රටේ, රජයේ විළි වහන්න ඉන්න ආයතන 03 තමයි, පොලීසිය, CID එක සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව.
00:35 : ඒක පාවිච්චි කරලා ඒ අය උපරිම කටයුතු කළත්, අපි දන්නවා 21 වැනිදා අපි ආරම්භ කරන ඒකාබද්ධ වැඩපිළිවෙල හරහා මේ රටේ ජනතාව ඒකරාශී වෙනවා ආණ්ඩුවට විරුද්ධව!
00:44 : ඒක මේ වගේ දේවල් කරලා නවත්තන්න උත්සාහ කරන එක වැරදියි!



