00:00 : ජාතික ජන බලවේගය ආණ්ඩුවට කිසිම දවසක චෝදනාවක් තිබුණේ නෑ ආණ්ඩුවේ ඉන්නේ කුඩුකාරයෝ කියලා, ආණ්ඩුවේ ඉන්නේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ කියලා.
00:06 : ඒ වගේම ආණ්ඩුවේ ඉන්නේ පාතාලයෝ කියලා කිසිම චෝදනාවක් තිබුණේ නෑ.
00:09 : මේ ආණ්ඩුවට කුඩු සම්බන්ධව කුමක් හෝ චෝදනාවක් තිබුණා නම් තිබුණේ, අර කන්ටේනර් පිට කිරීම සම්බන්ධව තිබුණු චෝදනා.
00:13 : අපි දැක්කා ආණ්ඩුවේ මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයා ළඟ හෙරොයින් තිබිලා අහුවෙලා තියෙනවා. ඒ නිසා සමාජ මාධ්‍යත් කැළඹිලා තියෙනවා.
00:22 : දැන් මේ ආණ්ඩුවට සම්බන්ධ අයගෙනුත් කුඩු මතු වෙනවා. එතකොට දේශපාලඥයෝ කියන්නේ කොහොමත් කුඩු බිස්නස් කරන අය කියන කතාව නැවත වටයකින් තහවුරු වෙලා තියෙනවා.
00:28 : ජාතික ජන බලවේගය ආණ්ඩුවට කුඩු සම්බන්ධ චෝදනා තිබුණේ නෑ. මේ එක නිශ්චිත සිද්ධියක්.
00:33 : එක මන්ත්‍රීවරියකගේ සැමියෙක් කරපු සිදුවීමක් සම්බන්ධව එක නිශ්චිත සිද්ධියක්. මේ සිද්ධිය මූලික කරගෙන අපි ජාතික ජන බලවේගය ආණ්ඩුවට ගහන්නේ නෑ කුඩුකාරයෝ කියලා.
00:41 : අපි ජාතික ජන බලවේගය ආණ්ඩුවට ගහන්නේ නෑ කුඩුකාරයොත් එක්ක ඩීල් කියලා.
00:44 : හැබැයි, පහුගිය කාලේ, කළින් ආණ්ඩු කරපු සියලු දේශපාලන පක්ෂ කුඩුකාරයෝ එක්ක ඩීල් තිබුණා. ඒ වගේම පාතාලයත් එක්ක ඩීල් තිබුණා. ඒ සියල්ල තිබුණා.



