Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අවුරුද්දක් යද්දී ඔයගොල්ලන්ගේ කෙරුවාව අපි කතා කරන්නම්. ඔයාලට තියෙනවා තව අවුරුදු හතරක්, හැදෙන්න.

00:05 : ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ආපුවාම අපි දැක්කා, පළාත් පාලන ඡන්දයේදී ඕගොල්ලෝ ඡන්ද ලක්ෂ විස්සක් විතර අඩුකර ගත්තා.

00:10 : මතක තියාගන්න, මේ අපිට ඡන්දේ දීලා, අපිත් එක්ක ඉඳලා, අපේ වමේ දේශපාලනය කරපු අය තමයි, ඕගොල්ලොත් එක්ක අද ඔයගොල්ලන් ආරක්ෂා කරගෙන ඉන්නේ.

00:16 : ඉතින් ඒගොල්ලන්ට දැනෙනවා නම් ගොවිබිමට සාධාරණයක් වෙන්නෑ, කම්කරුවාට සාධාරණයක් වෙන්නෑ -

00:21 : ඒගොල්ලන්ට දැඩි අසාධාරණයක් වෙන්නේ කියලා ඒගොල්ලන්ට දැනෙනවා නම්, ඒ ගොල්ලො නැවත අපේ පැත්තට ඇවිල්ලා, අපිත් එක්ක වාඩිවෙන එක නවත්වන්න කාටවත් බෑ!

00:29 : ඒ නිසා, අපේ කණ්ඩායම අපේ පැත්තට එන එක වළක්වන්න ඔයගොල්ලෝ අද උත්සාහ කරනවා -

00:33 : පාතාලේ අපිත් එක්ක ඉන්නේ, කුඩුකාරයෝ අපිත් එක්ක ඉන්නේ, හෙරොයින්කාරයෝ අපිත් එක්ක ඉන්නේ, ජාවාරම්කාරයෝ අපිත් එක්ක ඉන්නේ කියලා මේ කේක් එක අයිසින් කරගන්න.

00:42 : හැබැයි ජනතාවට කේක් කෑල්ල කද්දී තමයි තේරෙන්නේ, අයිසින් ටික විතරයි - ඇතුළ සත්තකින්ම පුස් කාලා කියලා!