00:00 : පෙරේදා දිනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් මගේ නමත් සම්බන්ධ කර ගනිමින් විශාල විවේචනයක් කළා.
00:07 : විශේෂයෙන්ම, මගේ ඥාති සහෝදරියකට - මෙහෙම පොල්ලක් තියලා තියෙනවා - ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත ධුරයක් දීලා තියෙනවා -
00:14 : ආදී වශයෙන් විශාල විදිහට අපහාස සහ වෙනත් ආකාරයෙන් කටයුතු කරනු ලැබුවා.
00:20 : මම බැලුවා මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා - දේශපාලඥයෙක්වත් නොවන, නැත්තම් ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් නොවන -
00:26 : මෙච්චර බරපතල විදියට, ඇයි මේ කරුණු හොයලා බලන්නේ නැතුව මෙහෙම පහර දෙන්නේ කියලා.
00:30 : බලපුවාම, එතුමා ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉල්ලන්න ඉන්න කෙනෙක්ලු!
00:34 : එතුමාගේ මට්ටමට වැටෙන්න මම ලෑස්ති නෑ. නමුත් එතුමාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග අපි ගන්නවා.
00:39 : එතුමාට වන්දි ගෙවන්න සිද්ධ වෙයි අනාගතයේදී!
00:43 : මොකද හේතුව, එතුමා කියනවා මම ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජිත ධුරයක් සඳහා මගේ ඥාති සහෝදරියකට මෙහෙම දීලා තියෙනවා කියලා ලිපියක්.
00:52 : මම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නියෝජිත ධුරයක් ගන්න මගේ කිසිම ඥාති සහෝදරියෙකුට ලිපියක් දීලා නැත!
00:57 : මම දීලා තියෙන්නේ අජිත් ප්‍රියන්ත කියලා කෙනෙකුට.



