00:00 : සිදුවීම් දෙකක් තිබුණා, කැබිතිගොල්ලෑව සහ දෙමටගොඩ. මත්ද්‍රව්‍ය අලෙවි කරමින් හිටියා.
00:04 : ඇය සහ ඔහු කිව්වා තවදුරටත් මම මත්ද්‍රව්‍ය අලෙවි කරන්න එන්නෑ කියලා - වෙඩි තැබුවා!
00:08 : ජාලයෙන් ඉවත් වුණොත්, වෙඩි තබනවා! එතරම් භයංකාර, බියසුළු තත්ත්වයකට සමාජය පත්කර තිබෙනවා
00:14 : මම නැවත කියන්නේ, මේක ස්වභාවිකව, ඕපපාතිකව, එකවිට අකුණු පහරක් වදින්නා සේ ගොඩනැගුණු තත්ත්වයක් නොවේ.
00:21 : මේ පිටුපස ඉතාමත් පැහැදිලි දේශපාලන ආශීර්වාදයක් තිබුණා. රජයේ ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදයක් තිබුණා.
00:27 : සමහර අයගේ දේපළ දෙස බලපුවාම, ඒ රැකියාවෙන් ඒ දේපළ උපයා ගන්න බැරි බව අපි කවුරුත් දන්නවා - කාටත් පේනවා.
00:33 : දැන් අපි මෙය අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආ යුතුයි.
00:37 : මා දන්නවා, මට ගොඩක් අය කියනවා, ඕගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නෑ කියලා.



