Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : භයානක තත්ත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත්ම අනුමත කරන්න බැරි තත්ත්වයක්.

00:05 : මිනිහෙක්, ආයුධ වෙළඳාමේ හිටියද, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වෙළඳාමේ හිටියද, පාතාලයට සම්බන්ධ වෙලා හිටියද කියන කාරණය නෙමෙයි -

00:12 : ඒ පුද්ගලයාට දඬුවම් කරනවා නම්, රජයක් තියෙනවා නම්, ඒ රජය යටතේ, නිසි නඩු විභාගයක් යටතේ පුද්ගලයෙකුට දඬුවම් කරනවා මිස -

00:19 : මේ වගේ පාතාල කල්ලි වලින් ඇවිල්ලා වෙඩි තිබ්බා කියලා, මේ වගේ වෙඩි තැබීම් සාධාරණීකරණය කරලා, තමන්ට විරුද්ධව ඉන්න පුද්ගලයින් -

00:27 : මොකද, මේක අපි දැක්කේ, ආරම්භ වුණේ, අර මේ රටේ සිදුවෙච්ච විශාලතම වංචනික ක්‍රියාව වන -

00:34 : කන්ටේනර් 323 නේ ක්‍රියාවට විරුද්ධව ඩෑන් ප්‍රියසාද් ගිහිල්ලා රහස් පොලිසියේ පැමිණිල්ලක් කළා.

00:41 : දින කිහිපයකට පසුව මේ ආකාරයෙන්ම ඇවිල්ලා ඔහුව වෙඩි තබා ඝාතනය කළා.

00:45 : මේ නැවත වතාවක් එම සිදුවීමම, නැවත නැවත සිදුවෙමින් තියෙනවා.

00:49 : පාතාලය මර්දනය කරනවා කියලා බොරුවට කියමින්, පාතාලය ප්‍රවර්ධනය කරනවාද කියන සැකය ජනතාවට දැඩිව ඇතිවෙලා තියෙනවා.