00:00 : විපක්ෂය තේරුම් ගන්න ඕනේ මහජනයා මොකක්ද දීපු තීන්දුව 2022 දී කියලා.
00:04 : නිකම් හුදු සන්ධාන විතරක් පිහිටුවාගෙන, 'අපි හෙට උදේ බලයට එනවා' කියන එක නෙවෙයි.
00:09 : ඒ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනේ දක්ෂ හැකියා පූර්ණ අයට ඉදිරියට එන්න.
00:14 : ඒ විදියේ අලුත් කණ්ඩායමක් අවශ්‍යයි. 2022 වෙච්ච සිද්ධියත් එක්ක, අලුත්, වෘත්තීය මට්ටමේ පිරිසක්ම අවශ්‍යයි.
00:21 : මේ ආණ්ඩුවෙත් තියෙන ප්‍රශ්නේ, මේ ආණ්ඩුවට බලය දුන්නේ අලුත් පිරිස් ගේන්න කියලා.
00:25 : හැබැයි ගෙනාවේ, අවුරුදු 60 ක් තිස්සේ දේශපාලනයේ තැන් තැන්වල පාච්චල් වෙච්ච -
00:30 : පල් වෙච්ච, පැරණි න්‍යාය ධර්ම ඔලුවේ ගැට ගහගත්ත, ඇට්ටර වෙච්ච කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවට ගෙනාවේ.
00:36 : විපක්ෂය මේ ආණ්ඩුව පරාජය කරනවා නම්, දේශපාලන වශයෙන් එම වැදගත්, අලුත් කණ්ඩායම් ඉදිරිපත් කරගෙන ඒ ගමන යන්න ඕනේ.



