00:00 : ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා, මං හිතනවා ඔහුට නීතිය ගැන අවබෝධයක් තිබෙනවාය කියලා.
00:04 : ඒ අනුව, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම්,
00:10 : එහි අක්‍රමිකතාවක් සිදු වෙලා තිබෙනවා නම්, එය ව්‍යවස්ථා විරෝධී නම්, එය නීති විරෝධී නම්,
00:15 : ඔවුන්ට පුළුවන් මේ පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. මං හිතනවා ඒක තමයි ක්‍රමවේදය.
00:19 : නැත්නම් තැන් තැන්වල විවේචනය කර කර ඉන්න එක නොවෙයි. මොකද දැන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් වෙලා ටික කාලෙකුත් ගතවෙනවා.
00:26 : දැන් තමයි විමර්ශන ක්‍රියාවලිය, සමහර විමර්ශන අවසන් වෙලා, අත්අඩංගුවට අරගෙන, අධිකරණයට ඉදිරිපත් කරන්නේ.
00:32 : අත්අඩංගුවට අරගෙන, අධිකරණයට ඉදිරිපත් කරලා, යම් විමර්ශන ක්‍රියාවලියක් - නඩු පැවරීම් ක්‍රියාවලියක් සිදුවන වෙලාවේදී,
00:39 : ගම්මන්පිල ඇතුළු මේ කණ්ඩායම අල්ලස් කොමිසමට ගල් ගහන එක ඇතුලේ පේනවා වෙන වුවමනාවක් තිබෙනවා කියලා!
00:45 : මං කියන්නේ, එහෙම නිකං ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැතුව, හොඳම දේ තමයි අදාළ කරන අධිකරණ ක්‍රියාමාර්ගවලට යන එක.



