Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වවුනියාව සිට මහව දක්වා දුම්රිය ස්ථානවල සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ මගින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා අදාළ ප්‍රවේශ නියෝග නිසි ලෙස අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව අද (18) අනුරාධපුර මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන නවීකරණය කර නොමැති බැවින්, 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 23 වගන්තිය මඟින් තහවුරු කරන, පෙත්සම්කරු වන ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී. කමලාවතී යන අයගේ අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවයි එහිදී තීන්දු කර තිබෙන්නේ.

ඒ අනුව ඉහත පෙත්සම්කාරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් රජය විසින් ගෙවීමට නියෝග කර ඇති අතර, මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන 2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව නවීකරණය කළ යුතු බවත්, එමෙන්ම 1, 2, 3, 4 වගඋත්තරකරුවන් සමඟ සාකච්ඡා කොට මෙම නවීකරණ කටයුතු සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී. කමලාවතී විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණු අතර, ප්‍රවාහන අමාත්‍යාවරයා, එම අමාත්‍යංශයේ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණා.