Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අද, ලංකාව ත්‍රස්තවාදයෙන් බේරගත්ත නායකයා තමන්ගේ නිල නිවසෙන් ඉවත් කරන දවස බවට පත්වීම එක්තරා ආකාරයකින් දෛවෝපගතයි.

00:09 : හැබැයි, අපේ ආණ්ඩුවක් ආපු දවසට, මම යෝජනා කරනවා මේ ගෙදර අනුර කුමාර ජනාධිපතිතුමාගේ විශ්‍රාම ජීවිතයට දෙන්න කියලා.

00:15 : අහස කඩා වැටුනත් කලබල වෙන මනුස්සයෙක් නෙවෙයි නේ මහින්ද රාජපක්ෂ කියන්නේ.

00:18 : එතුමා හැමදාම තංගල්ලේ ඉඳලනේ දේශපාලනයේ හැම තීරණාත්මක දෙයක්ම කළේ. සමහර විට, ඒ තව අලුත් අවස්ථාවක් එතනින් හැදෙන්නත් පුළුවන්.

00:25 : මං කියන්නේ, අනුර කුමාර ගරු ජනාධිපතිතුමාත් විශ්‍රාම ගියා කියලා, එතුමා තඹුත්තේගම ගෙදර අනාරක්ෂිතව ජීවත්විය යුතු නැහැ.

00:31 : යන්නෑ කියල නෑ. අනුර කුමාරගේ මේ දේශපාලන බලපෑම්වලට බය නෑ. ඒක හෙට උදෙත් මං ඒ විදියටම කියනවා.

00:38 : මේ ආණ්ඩුව විසින් අපිට කරන දේශපාලන තර්ජනයට අපි බය නෑ. මේක ඇතුලේ තියෙන්නේ දේශපාලන තර්ජනයක් නේ!

00:44 : නැත්නම්, මේ ගේ ගත්තයි කියලා හෙට උදේ මේ රටේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳෙන්නේ නෑනේ. අයවැය පරතරේ වෙනස් වෙන්නෑනේ. මේවා දේශපාලන තර්ජන!

00:53 : ඒ එදා කියපු වචනේ එහෙම්මම තමයි. මම ඒ කියපු එක ආයිත් නැවත කියනවා - මහින්ද රාජපක්ෂ අනුර කුමාරට බය නෑ! එච්චරයි!