Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් මේ ගරු සභාවේ කියවුණා - චානක මන්ත්‍රීතුමා විසින් - ඔහුගේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් මා හට එන්තරවාසියක් එවා ඇති බව.

00:10 : සමාජ මාධ්‍ය පරිහරණය කළාම, එන්තරවාසිය සමාජ මාධ්‍යයේ තියෙනවා. නිල වශයෙන් මට ලැබිලා නෑ.

00:16 : එතුමා දාන්න යන්නේ අපහාස නඩුවක්. මං හිතන්නේ එතුමා උසාවියේ කටයුතු කළේ නැති නිසා දන්නේ නැතිව ඇති අපහාස නඩුවක ස්වභාවය.

00:24 : අපහාස නඩුවක පැමිණිලිකරුගෙන්, විත්තිකරුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් - වෙනත් නඩුවල බෑ.

00:31 : විශයයෙන් පරිබාහිර ඕනෑම ප්‍රශ්නයක් අහන්න දෙන එකම නඩුව, අපහාස නඩුව. වීදුරු ගෙවල්වල ඉන්න හොඳ නෑ!

00:37 : දැන් මේ, වීදුරු ගෙවල්වල ඉන්න මහත්තයෙක් අපට ඇඟිල්ල දික් කරලා කියනවා 'ඔන්න දැන් ඔයාට රුපියල් බිලියනයක් ඉල්ලලා එන්තරවාසියක් එව්වා' කියලා.

00:46 : මේකේ එකම සාධකයයි - 'චරිතය' තමයි විෂයගත කාරණාව වෙන්නේ. Character on issue!