Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : මේ හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක යුතු නීති ගණනාවක් තියෙනවා.

00:06 : ඉතින් අපි දන්නවා, මිනිස්සුන්ට දඬුවම් ලැබෙන විවිධ ක්‍රම තියෙනවා. නීතිය, පොලීසිය හරහා දඬුවම් දෙන්න පුළුවන් -

00:12 : ඒ වගේම තමයි, හෘද සාක්ෂිය ඉස්සරහා තමන්ට දඬුවම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි, ස්වභාව දහම

00:17 : ඉතින් ඕනම මනුස්සයෙක් වැරැද්දක්, අයහපත් දෙයක් කරලා තියෙනවා නම්, ඔවුන්ට සිද්ධ වෙනවා මේ තුන් ආකාරයෙන් මොකකට හරි මුහුණදෙන්න.

00:23 : උසාවිය, පොලිසිය ඉස්සරහා, තමන්ට පලායන්න මාර්ග හදාගන්න පුළුවන්.

00:27 : හෘද සාක්ෂිය නැති මිනිස්සුන්ට, ඒ හෘද සාක්ෂියට පිටුපාලා ඕනම දෙයක්, ඕනම නරක වැඩක්, ඕනම ජරා වැඩක් කරන්න පුළුවන්.

00:32 : හැබැයි ස්වභාව ධර්මය, එහෙම නැත්නම් කර්මය හෝ දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉස්සරහට තමන් ලක් වෙන වෙලාවේ, තමන් ඉතිහාසයේ කරපු ඒ වැරදිවලට තමන්ට දඬුවම් විඳින්න වෙනවා.

00:40 : ඒක බටලන්ද වේවා, ඒ හැටදාහක ජීවිත වේවා, මහ බැංකුව වේවා, මේ රටේ අහිංසක මිනිස්සුන්ට මෙච්චර දුක් විඳින්න මේ සමාජයේ හර පද්ධතිය බිඳ වැට්ටවීම වේවා -

00:48 : ඒ සියල්ලටම ඔවුන්ට ඔය ආකාර තුනෙන් මොකකදී හරි විනිශ්චයකට මුහුණ දෙන්න වෙනවා.