Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්, හරිනි අග්‍රාමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩල සටහනක් හරහා බොහොම පැහැදිලිව පෙන්නලා දීලා තිබෙනවා -

00:09 : ඒ කමිටු වාර්තාව තුළ, උපාධිය මූලික සුදුසුකමක් වූ 50,000 පමණ සමස්ත පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවයි කියන එක අද රජයට.

00:19 : පනස්දාහක පුරප්පාඩු තිබෙනවා නම්, ඇයි තිස්පන්දාහක් හතළිස්දාහක් උපාධිධාරීන් මහ පාරේ අතරමං කරන්නේ?

00:26 : පනස්දාහක පුරප්පාඩු තිබෙනවා නම්, ඇයි මැතිවරණය ජයග්‍රහණය කරන්නට සංවිධායක ක්‍රියාදාමය හා නායකත්වය ලබාදුන්නු තනි පුද්ගලයාට රස්සාව දීලා -

00:36 : තිස්පන්දාහක් හතළිස්දාහක් අනාථ කළේ? ඉතාමත් වැරදි ක්‍රියාවක්!

00:40 : විශේෂයෙන්ම අපි වගකිව යුතු ප්‍රගතිශීලී ජනතාවාදී විපක්ෂයක් හැටියට,

00:45 : මේ දූ දරුවන් තිස් පන්දාහක් හතළිස් දාහක් අතර ප්‍රමාණයට රැකියා වරම ලැබෙන තෙක්,

00:51 : ඒ දරුවන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන්න අපි ඉදිරිපත් වෙනවා. රජයට කියන්න කැමතියි, කැත වැඩ කරන්න එපා!