00:00 : රට යන අත පෙන්නුවා නේද ජනාධිපතිතුමා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා.
00:03 : කිසිම කුමන්ත්‍රණයක් අභ්‍යන්තරයෙන් හෝ බාහිරව එන්න දෙන්නේ නෑ කියලා කිව්වා. ඒකේ වැදගත් දේ 'අභ්‍යන්තරයෙන්'.
00:08 : පාර්ලිමේන්තුව තුළින් හෝ පිටතින් - රාජ්‍යය අභ්‍යන්තරයෙන් හෝ බාහිරෙන්. මේ කියන කුමන්ත්‍රණය මොකක්ද?
00:13 : ඉතින් එතකොට අපට පේනවා, ඔහු ඉන්නේ අනාරක්ෂිත මනසක, තමන් බිය ගැන්වූ පසුබිමක.
00:18 : ඒ බිය ගැන්වූ පසුබිම මත සිදුකරන ලද, අනාරක්ෂිත මනස හොඳින් හෙළිදරව් කරන ලද කතාවක් තමයි කළේ.
00:23 : ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ, අභ්‍යන්තරව තියෙන්නේ මොනවද? පැලවත්තයි, ජනාධිපති ලේකම් කාර්යාලයයි අතරද?
00:28 : නැත්නම් පැලවත්තයි, NPP එකයි අතර ද? නැත්නම් පැලවත්තයි පැලවත්තයි අතර ද?
00:32 : මොකක්ද මේ අභ්‍යන්තර කුමන්ත්‍රණය කියන එක එතුමා පැහැදිලි කරන්න ඕනේ.
00:35 : දැන් කියලා තියෙනවනේ සුන්බුන් ගොඩක් එකතු කරලයි මේ ආණ්ඩුව හැදුවේ කියලා.
00:38 : කලින් කිව්වනේ වෙන පක්ෂෙක පාපිස්සකටවත් ගන්නේ නැති මිනිස්සු දැන් මේකේ ඇවිල්ලා කෙරුමෝ වෙන්න හදනවා කියලා.
00:42 : මේ ඔක්කොම අභ්‍යන්තර මොකක් හරි අවුලක පෙරනිමිති නේ! අපි නෙවෙයි කියන්නේ, රටේ ජනාධිපති නේ.
00:47 : නිකන් නෙවෙයි නේ දෙයි හාමුදුරුවනේ! ජනාධිපති හැටියට තකහනියක් ඇවිල්ලා, පැය දෙකක් පාර්ලිමේන්තු කාලය අරගෙන -
00:51 : පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන අපි ගැනත් අනියමාර්ථයෙන් සඳහන් කරමින් කරන ප්‍රකාශ නේ.



