Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : මේ වර්තමාන ආරක්ෂක ඇමැතිවරයා 2019 දී නැගෙනහිර පලා‍තේ ආඥාපති හැටියට සේවය කරලා තිබෙනවා.

00:07 : මේ බෝම්බය පිපිරෙන වෙලාවේ නැගෙනහිර පළාතේ විශාල වගකීමක් දරපු කෙනෙක්.

00:11 : ඒ කෙනා, වර්තමාන ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැටියට සිටීම තුළ මෙම පරීක්ෂණ සාධාරණව කරගෙන යන්න බැහැයි කියලා ඕනෑම කෙනෙක්ට බැලූ බැල්මට පේනවා.

00:21 : ඒ හින්දා තමයි, අපි යෝජනා කළා එතුමාට මේ තනතුරෙන් අයින් වෙලා, මේ පරීක්ෂණ ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්න කියලා.

00:27 : නමුත් අපි දැක්කා එතුමා මාධ්‍යයට ප්‍රකාශයට පත් කරලා තියෙනවා එතුමා අයින් වෙන්නේ නැහැයි කියන එක. විපක්ෂය හැටියට අපිට වගකීමක් තිබෙනවා.

00:33 : මොකද එහෙම පුද්ගලයෙක් මේ ජනාධිපතිවරයාට දෙවැනි තනතුරේ රැඳී සිටීම මේ පරීක්ෂණ කරගෙන යන්න කිසිසේත්ම සාධාරණ වෙන්නේ නෑ.

00:41 : ඒ හින්දා තමයි අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ එතුමාව අයින් කරන්න කියලා.

00:45 : මේක ජයග්‍රහණය කරන්න පුළුවන්ද, නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.