00:00 : එතුමාත් තේරුම් ගත යුතුයි, මේ එතුමා ගන්න ක්‍රියා මාර්ගයන් පසුකාලීනව එතුමාටත් පාරා වළල්ලක් වෙනවා.
00:05 : ඒ හින්දා එතුමා විශ්වාස කරනවා මේ රටේ විධායක ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් පිළිබඳව යම් කාරණයක් ක්‍රියාත්මක කිරීම අනවශ්‍යයි කියලා -
00:12 : ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දාන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන්.
00:15 : ඒ වගේම තමයි, අද ගත්තත්, ජනාධිපතිතුමා කොහොම කිව්වත්, සංවිධානාත්මක අපරාධ එල්ටීටීඊ එකට වඩා -
00:20 : සමහරවිට ජේවීපී එකටත් වඩා දරුණුවට අද මේ රටේ ක්‍රියාත්මක වෙනවා.
00:24 : එදා 88/89 ජේවීපී එක හා සමානව සංවිධානාත්මක අපරාධ රැල්ලක් මේ රටේ ජීවත් වෙනවා.
00:30 : ඉතින් අනුර කුමාර ජනාධිපතිතුමා ඒවා එක්ක හැප්පෙන්න බලාපොරොත්තුවක් නැත්තම් -
00:33 : ඒ සංවිධානාත්මක අපරාධකරුවන්ට හිතේ ආසාවට අපේ රටේ ක්‍රියාත්මක වෙන්න අවස්ථාව දීලා -
00:37 : තමන් පැන්ෂන් ගියාම ඇඟ බේරගෙන ඉන්න ඕනේ කියන මානසිකත්වයේ ඉන්නවා වෙන්නත් පුළුවන්.
00:41 : ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දාලා තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන්, ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ.
00:44 : මොකද අපි බලෙන් ඉන්නේ නෑනේ!



