00:00 : මේ ආණ්ඩුව පෙරළනවා වගේ දේවල්, ඒගොල්ලෝ හීනෙන් දැක්කොත් ඇරෙන්න, ඇත්ත ලෝකේ නම් වෙන දේවල් නෙවෙයි.
00:05 : තමන්ගේ තාත්තා හිරේ යද්දී පුතාට වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. තමන්ගේ ආච්චි හිරේ යද්දී මුණුබුරාට වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.
00:12 : තමන් හිරේ යයි කියලා බයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒවා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කරපු අපරාධ, කරපු වැරදි ඒගොල්ලෝ දන්නවනේ.
00:18 : කිසිම විදිහකින් අපි මැදිහත් වෙලා, 'අන්න අහවලා හිරේ දාන්න, මෙයා හිරේ දාන්න' කියලා අපි ඇඟිල්ල දික්කරලා කියන්නේ නෑ.
00:24 : මේවා උසාවියේ විභාග වෙන නඩු. මේ නඩු කටයුතුවලට අදාළව අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා.
00:29 : ඒවාට දඬුවම් කිරීම් සිද්ධ වෙනවා. ඉතින්, ඒක අපිට නවත්තන්න බෑ.
00:32 : ඒක අධිකරණ ක්‍රියාවලියක්. ඒක නවත්තන්න හදනවා නම්, ඒක දේශපාලන මැදිහත්වීමක්.
00:35 : කිසිම දෙයක් වෙන්නේ නෑ. නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා, අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා.
00:39 : ඒවගේ ප්‍රතිඵල විදිහට තමයි, හිරේ යන අය හිරේ යන්නේ - දඬුවම් විඳින අය දඬුවම් විඳින්නේ - අපිට ඒගොල්ලෝ එක්ක කිසිම පෞද්ගලික වෛරයක් නෑ.
00:45 : දුකට කියන කතා තියෙනවා, තැන් තැන්වල ඇවිල්ලා. ඉතින් ඔය කයිවාරු ගගහා ඉන්න පුළුවන්.
00:49 : අපිට වැඩිය හොඳ වෙලා පෙන්නන්න කියලා කියන්නේ ඒකනේ මේ ආණ්ඩුව ගන්න නම්!
00:52 : එහෙම නැතුව නම් මේ ආණ්ඩුව පෙරළන්න වෙන්නේ නෑ ඒගොල්ලොන්ට. අපිට වැඩිය හොඳ වෙලා පෙන්නන්න! අපිට වඩා හොඳ වෙච්ච දවසක, මේ ආණ්ඩුව ඒගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි.



