Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ඇමරිකානු එක්සත් ජනපදය ඒ පනවපු බදු පිළිබඳව කතන්දර ගොඩාක් පැන නැගුණ.

00:04 : විශේෂයෙන්ම, අපිට තීරු බදු අනුපාතයක් විදියට 44% ක් පැනෙව්වා.

00:08 : ඊට පසුව, තෝරාගත්තු රටවල් ගණනාවකට අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වෙනවයි කියලා ලිපි යවලා තියෙනවා. අපිත් ඒ ලිපිය ලැබිච්ච රටක්.

00:17 : ඒකෙදී සඳහන් කරන්නේ, අගෝස්තු 01 වෙනකොට ද්වි-පාර්ශ්වික වෙළඳ ගිවිසුමකට ඇතුළත් වුණේ නැත්නම්, අපිට 30% ක්.

00:24 : ඇත්තටම ඒ 30% ලැබිලා තියෙන්නෙත් අපි මේ වෙනකල් කරපු සාකච්ඡාවල ප්‍රතිඵලය විදිහට!

00:29 : ඒ ලිපි යවපු රටවල් 25 අතරින්, වැඩිම බදු සහනය ලැබිලා තියෙන්නේ අපේ රටට - 44% ක් ලැබිච්චි එක 30% යි. අනෙක් කිසිදු රටකට නෑ - සමහර ඒවට වැඩිවෙලා තියෙනවා.

00:36 : අගෝස්තු පළවෙනිදා වෙනකොට ගිවිසුමකට නොගියොත්නේ 30% වදින්නේ.

00:40 : අපි උත්සාහ කරන්නේ පවත්වාගෙන ආපු ද්වි-පාර්ශ්වික සාකච්ඡා අඛණ්ඩවම ඉදිරියට ගෙනියමින් -

00:44 : තවදුරටත් මේ අනුපාත අඩුකර ගැනීමේ උත්සාහය තමයි අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ.