00:00 : දැන් මේ බහාලුම් 300ක්, කන්ටේනර් 300ක් එළියට අරගෙන ගියා කියලා මේ ලොකු කෑ ගැහිල්ලක් කෑගහනවා.
00:06 : සාමාන්‍යයෙන් ඔය ස්කෑන් කරලා බලනවා, එකින් එක බඩු බාලා එකින් එක පරීක්ෂා කරලා බලනවා.
00:12 : ඔය මොකවත් කරන්නේ නැතුවත් යවනවා! ඒක හේතු ගණනාවක් උඩ -
00:16 : එකක්, ඒ ගෙන්නන පුද්ගලයා, ඒ ආයතනය පිළිබඳව රේගුවට තියෙන විශ්වාසය.
00:21 : දෙවැනි කාරණය තමයි, මේ භාණ්ඩ හරහා එහෙම නීති විරෝධී දේවල් ගේන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුවීම.
00:28 : ඒ රටෙන් ඒ බඩු පැටවූ ආයතනය පිළිබඳව තියෙන විශ්වාසය - මේ වගේ දේවල්.
00:32 : ඒ නිසා, ඔය බහාලුම් 300 පස්සේ දඟල දඟල ඉන්නේ නැතුව - ඒ වෙලාවේ ලොකු තදබදයක් ආවා -
00:37 : ඒකට බහාලුම් ටිකක් එහාට මෙහාට කරලා ඒ තදබදය අඩු කරගත්ත එක හොඳ දෙයක් මං හිතන්නේ.
00:42 : ඒ නිසා, ඕක එච්චර ලොකුවට ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි!



