ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.
ඒ අනුව පසුගිය 03 වැනි දින සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.
ඒ අනුව මෙම සේවාවන් එළැඹෙන 09 වැනි දින දක්වා ක්‍රියා විරහිතව පවතින බවත් ක්‍රියා විරහිත වී ඇති මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට එම ආයතනය කටයුතු කරමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.