Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම නතර කර තිබුණේ සතියක දෙකක වැනි කෙටි කාලයක් සඳහා පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය පීඨ 12 න් එළියට පැමිණෙන වෛද්‍ය උපාධිධාරීන් හා කොතලාවල වෛද්‍ය පීඨයෙන් පැමිණන වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන් කැඳවා සාකච්ඡා කළ බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කිරීම වසර කිහිපයක සිට සිදු කරමින් පැවති දෙයක් බවත් එය නතර කර තිබුණේ තාවකාලිකව වන අතර සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පෙර පැවති ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.