උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සති අන්තයේ පමණක් ධාවනය වූ ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (07) දින සිට දිනපතා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45 ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට දින සිට කොළඹ කොටුවෙන් පෙරවරු 06.40 ට ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කරගත් මගීන් හට යාල් දේවී දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
