ගතවූ දින තුන තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 08 ක අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෙදිනක් පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි එහි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ සඳහන් කළේ.
එහිදී පාසල් 229ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පාසල් 29ක මදුරු කීටයන් සහිත ස්ථාන හඳුනාගෙන ඇති බවත් මෙය ඉතා අවදානම් තත්ත්වයක් බැවින් පාසල්වල එම තත්ත්වය මඟ හරවා ගැනීමට පාසල් බලධාරීන් මෙන්ම අදාළ පාර්ශව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.