Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.