බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 16 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 45 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 248 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Parvez Hossain Emon ලකුණු 67 ක් හා Towhid Hridoy ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 232 ක් පමණක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් හා විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ජනිත් ලියනගේ ලකුණු 78 ක් ලබාගත්තා.
ඒ අනුව තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.