Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (05) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ අද තරගයට කැඳවා තිබෙනවා.

මෙම තරගයද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා - රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අතර, පස්වරු 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වුණු පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කින් ජයග්‍රහණය කළා.