ජාතික මදුරු මර්දන සතියේ පස්වන දිනය වූ ඊයේ (04) දිනයේදී පරිශ්‍ර 13,642ක් පරික්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා.
ඊයේ දිනයේදී සිදුකළ පරීක්ෂාවේදී මදුරුවන් බෝවිය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 3,886ක් වන බවත්, මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 382ක් වන බවයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටියේ.
මෙහිදී රතු නිවේදන 396ක් නිකුත් කිරීමට පියවර ගත් බවද, පරිශ්‍ර 100කට නඩු පැවරීමට පියවර ගනු ලැබූ බවද ඇය පවසා සිටියා.
එමෙන්ම පසුගිය ජුනි 30 වැනි දින සිට ඊයේ දිනය දක්වා ජාතික ඩෙංගු මර්දන සතිය නිමිත්තෙන් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී පරීශ්‍ර 111,031ක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, ඉන් මදුරු කීටයින් බෝවන ආකාරයෙන් පවත්වාගෙන ගිය ස්ථාන 26,625ක් හඳුනාගනු ලැබුණු බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා.
එසේම, මේ දක්වා මදුරු කීටයින් සහිත ස්ථාන 3,357ක් හමුවී ඇති බවත්, රතු නිවේදන 2,999 නිකුත් කර ඇති බවත්, තවත් පරිශ්‍ර 673කට නඩු පැවරීම් සිදුකළ බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.