මීමුරේ වෙත විනෝද චාරිකා හා අනිකුත් අවශ්‍යතා සඳහා නැවත දන්වන තුරු පැමිණීමෙන් වළකින ලෙසට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ පිහිටි කයිකාවල පාලමේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර ඇති වී ඇති හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වෙන්නේ.
පාලම යථාවත් කරන තුරු මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.