Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 වසරේ ගතවූ මාස 06 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව එය මුදල් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ඉලක්කය ඉක්මවූ 102.6% ක ප්‍රගතියක් ලෙසයි සඳහන් වන්නේ.

පසුගිය 2024 වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, 2023 වසරේ රුපියල් බිලියන 178.6 ක් හා 2022 වසරේ රුපියල් බිලියන170.3 ක ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.