Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී T-56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා බොරැල්ල සිරිසර උයන හා වැල්ලම්පිටිය, සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අවුරුදු 18 හා 19 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, එයින් එක් සැකකරුවෙකු අපරාධයට අදාළව යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය ජුනි 04 වන දින මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.