Big Beautiful Bill ලෙස නම් කර ඇති නව බදු පනත සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා තිබෙනවා.
මෙම පනත ඊයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර එහිදී පැවති ඡන්ද විමසීමේදී, පක්ෂව ඡන්ද 218ක් හා විපක්ෂව ඡන්ද 214ක් ලෙස එම පනත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
මෙම පනත සම්මත වීමත් සමග ඇමරිකාවේ මිලියන 12කට පමණ සිය සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.