Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සංචාරක විනෝදාස්වාදය සඳහා අනුරාධපුර සහ මිහින්තලය අතර දුම්රිය මාර්ගයේ පීලී මත දිවෙන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කර සිටියේ.

අනුරාධපුර - මිහින්තලය දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ පොසොන් උත්සව සමයට පමණක් නිසා එම මාර්ගය මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා බවද දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ ක‍ළා.

මෙම පැටෙල් ට්‍රොලියක ගමන් කිරීමට මුදල් අය කෙරන බවද, එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලැබෙන බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම ට්‍රොලි සේවය ලෝකයේ වෙනත් රටවලද ක්‍රියාත්මක වන අතර, එය සංචාරකයන් අතර ජනප්‍රිය ‍විනෝදාස්වාද අංගයක් වන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.