ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත අද (04) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබාදෙන පරිත්‍යාගවලට අමතරව ලබාදුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
