Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අලුත්කඩේ අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (04) උදෑසන ඔහු අල්ලස් කොමිසමට කැඳවා තිබුණු අතර, එහිදී ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.