Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : බස් රථ කර්මාන්තකරුවන්ව රැඳී සිටින්න, ඒ වගේම ව්‍යාපාරය ස්ථාවර තත්ත්වයෙන් තියන්න, හොඳ බස් ගාස්තුවක් අවශ්‍යයි.

00:06 : එතකොට තමයි ගුණාත්මක බස් සේවයක් ලැබෙන්නේ.

00:09 : අධ්‍යාපනය සහ, ඒ වගේම සෞඛ්‍යවලට - පෞද්ගලික රෝහල් තියෙනවා, පෞද්ගලික පාසැල් තියෙනවා.

00:15 : ඒවට නියාමනය කියන එක සාධකයක් නෙමෙයි. ඒගොල්ලෝ එහෙම කරන්නේ නෑ.

00:19 : මේ පෞද්ගලික බස් රථ ව්‍යාපාරයට තමයි මෙහෙම බරපතළ විදිහට ගාස්තු නියාමනයක් කරන්න කටයුතු කරලා තියෙන්නේ.

00:25 : ඉතින් මේ නිසා වෙන්නේ පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටෙනවා.

00:28 : මේ අය බලන්නේ, උත්සාහ ගන්නේ මේ ජනතාවගේ ඡන්ද බලාගෙන කර්මාන්තය කඩා දාන්න කටයුතු කරන එක.

00:34 : මම අභියෝග කරනවා ආණ්ඩුවට! පුළුවන් නම්, ආයෝජකයෝ හරි, කවුරු හරි ගෙනල්ලා - බස් රථ දෙසීයක් දැන් ගේනවා කිව්වනේ - බස් රථ 200 දුවලා පෙන්නන්නකෝ!

00:42 : මේකට කවුරුවත් එන්නේ නැත්තේ මොකද? මේ ලංකාවේ තියෙන්නේ ආසියාවේ තියෙන අඩුම බස් ගාස්තුව!

00:48 : ඒ වගේම, මේ ගාස්තු අඩුවෙනුත් දීලා, තවත් තවත් අඩත්තේට්ටම් කරනවා බස් රථ ව්‍යාපාරයට.

00:53 : ඒ නිසා, බස් රථ ව්‍යාපාරය බොහොම ඉක්මනට මේ තත්ත්වය තුළ කඩා වැටීමේ අවධානමක් තියෙනවා.