Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියෝග කර තිබෙනවා.

සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් මෝසමක් ඉදිරිපත් කරමින් අද මේ සම්බන්ධව කරුණු දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කර ඇති අතර, එහිදී මෙම නඩුකරය ලබන 08 වැනිදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.