අද (04) පස්වරු 4.00 සිට පැය 03ක පමණ කාලයක් කොළඹ - අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ නවගමුව දේවාලය අසල සිට කඩුවෙල දෙසට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය දක්වා කිලෝමීටර් 03කට ආසන්න දුරක් රථවාහන තදබදය ඇතිවිය හැකි බව පොලීසිය පවසනවා.
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කර වසර 106ක් සපිරීම නිමිත්තෙන්, එම විද්‍යාලය විසින් සංවිධානය කරන වීථි පෙරහැරක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවිය හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ වීථි පෙරහර පස්වරු 4.00ට නවගමුව සුගත බිම්බාරාමය පුරාණ රජමහා විහාරස්ථානයේ සිට ආරම්භ වී, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය දක්වා සංචාරය කිරීමට නියමිතයි.
මේ නිසා, විකල්ප මාර්ග ලෙස කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කරන සියළුම වාහන මාර්ග අංක 143 මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස දන්වා සිටිනවා.
අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලින් බර වාහන රණාළ, සියඹලාගහ හන්දියෙන් හරවා ඔරුවල හන්දියෙන් වෙලේ හන්දිය, කඩුවෙල දක්වාත්, සැහැල්ලු වාහන නවගමුව හන්දියෙන් වඳුරම්මුල්ල සිට කොරතොට, කඩුවෙල දක්වාත් ගමන් කිරීමේ හැකියාව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.