බහාලුම් නිදහස් කිරීමේ සිදුවීමේදී නිලධාරීන් මත වරද පැටවීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඒ අනුව, නිලධාරීන් මත වරද පටවා ආණ්ඩුවේ පිරිස් බේරෙන න්‍යායක් ක්‍රියාත්මක වෙමින් ඇති බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මෙම වාර්තාව නිකුත් වූ පසු එය ආණ්ඩුව සඟවාගෙන සිටියේ එයින් ඔවුන්ට වාසියක් නොමැති නිසා බවද, ඔවුන්ට වාසියක් තිබුණා නම් එය එදිනම ඔවුන් සභාගත කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
වැලේ වැල් නැතිව සිටින විපක්ෂය මෙය කර තබාගෙන දුවන බවට බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසූ අතර, විපක්ෂයට වැලේ වැල් නැතිව සිටිනවා නම්, ආණ්ඩුව විසින් විපක්ෂයට වැල් ලබාදෙන්නේ මන්දැයි ඔහු විමසා සිටියා.
වැලේ වැල් නැතිව සිටින්නේ විපක්ෂය නොව ආණ්ඩුව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.