Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී එක් එක් සැකකරු සඳහා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප ද, රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඔවුන් මුදා හැරීමට නියම කර තිබෙනවා.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත්, ඔවුන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇතුළුවීම තහනම් බවත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා. 

මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට එම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.